සිරියාවේ සටන් විරාම දීර්ඝ වී හෝම්ස් වැසියන්ට නිදහස
සිරියානු කැරලිකරුවන් යටතේ පවතින හෝම්ස් ඉපැරණි නගරය වෙත තවදුරටත් ආධාර යැවූ බවත්, තවත් 200කට අධික සාමන්‍ය වැසියන් පිරිසක් බේරාගත් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
හෝම්ස් ආණ්ඩුකාර තලාල් බරාසි ප්‍රංශ පුවත් සේවය වෙත පවසා සිටියේ මෙසේ නිදහස් කෙරුණු කණ්ඩායම්, පසුගිය සිකුරාදා සිට නිදහස් කෙරෙන පිරිස් සමග එකතු වූ බවයි.
මේ අතර, සිරියානු රජයද දැනට පවතින සටන් විරාමය තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව පැවසෙයි. එය බදාදා දිනයේ අවසන් වීමට නියමිතව තිබුණි.
සාමාන්‍ය වැසියන් මුදවා ගැනීමට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝම්ස් නගරය වෙත ආහාරපාන රැගෙන ගියේය. තිරිඟු පිටි, සහල්, එළවළු, තෙල්, සීනි, ලුණු හා තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එහි විය. මන්දයත්, ගැටුම්වලට මැදිවී සිටි දහස් ගණන් සිරියානුවෝ හෝම්ස් නගරයේ කොටුවීම නිසා ඔවුන් වැඩි පිරිසක් නිසි ආහාරයක් නැතිව කල් ගෙවා ඇති බව කියවුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
