සිරියාව වෙත එල්ල කළේ යැයි සැක කෙරෙන රසායනික අවි ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට වුවද පසුබට නොවන බව ඇමෙරිකාව කියයි.
ධවල මන්දිර ප්‍රකාශිකා සාරාහ් සැන්ඩර්ස් මාධ්‍ය අමතමින් පවසා සිටියේ, කෙසේ වෙතත් හමුදාමය ක්‍රියාමාර්ගයක් සඳහා වූ අවසන් තීරණයකට ඇමෙරිකාව තවමත් පැමිණ නොමැති බවයි.
එනමුදු, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව සහ සිරියාව වගකිව යුතුය යන ස්ථාවරයේ ඇමෙරිකාව පසුවන බව ඇය අවධාරණය කරයි.
මේ අතර, ඇමෙරිකානු ජාතික ආරක්ෂක මණ්ඩලය අද දිනයේදී හමුවීමට තීරණය කර ඇති අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියද සිය කැබිනට් මණ්ඩලය කැඳවමින් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානමින් සිටියි.
පසුගිය සෙනසුරාදා දිනයේදී ඩොවුමා නගරය වෙත එල්ල වූයේ යැයි පැවසෙන රසායනික අවි ප්‍රහාරයක් සම්බන්ධයෙන් සිරියානු ජනපති බෂර් අල් අසාද්ගේ රජයට මෙන්ම, රුසියාවට චෝදනා එල්ල වෙයි.
මෙම පාර්ශ්ව දෙකම මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, මෙය බටහිර විසින් ගොතන ලද ප්‍රවෘත්තියක් බව අවධාරණය කරයි.