සිරියාවේ, මූලෝපාය වශයෙන් වැදගත් මන්බීජ් නගරයෙන් IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් පළවා හැරීමට ඇමෙරිකානු ඒකාබද්ධ හමුදාවේ සහාය ලබන කුර්දිෂ් හා ආරාබි සටන්කරුවන් සමත්ව තිබේ.
මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ මෙම නගරය ආසන්නයේදී සිරියානු ප්රජාතන්ත්රවාදී හමුදාව හා ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් අතර දරුණු සටන් ඇති වූ බවය.
මෙම නගරයේ බලය යළි සියතට ගැනීම සඳහා වූ සටන් පසුගිය මැයි 31 වැනිදා ආරම්භ වූ අතර, මෙහි බලය මෙතරම් ඉක්මණින් අත්පත් කරගැනීම සඳහා ඒකාබද්ධ ගුවන් ප්රහාරද හේතු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ බල කඳවුරු ලෙස සැලකෙන රක්ඛා නගරය හා තුර්කි දේශසීමාවන්ද, ඇලෙප්පෝ පළාතද යා කරන ප්‍රධාන මාර්ගයක්ද මෙම මන්බීජ් නගරය හරහා වැටී තිබීම මෙහි බලය යළි සියතට ගැනීමේ වැදගත්කම දෙගුණ තෙගුණ කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.