සිරියානු ජනගහනයෙන් හයෙන් එකක්, එනම් මිලියන හතරකට වඩා වැඩි ජනතාවක් එරට පවතින ගැටුම් හේතුවෙන් රට හැර ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.
එමෙන්ම, පසුගිය මාස 10ක කාලය තුළ තුර්කිය ආදී ආසන්න දේශසීමා තරණය කරමින් විදෙස් රටවලට පැමිණි පිරිස වේගයෙන් වැඩිවී ඇති බවද එම සංවිධානය පවසයි.
2011 මාර්තු මාසයේ සිරියාවේ දේශපාලන අර්බුදයත් සමග තවදුරටත් මිලියන හතක පමණ ජනතාවක් උන්හිටි තැන් අහිමිව සිරියාව තුළම රැඳී සිටින බවද පෙන්වා දෙයි.
මෙම තත්ත්වය අපේ කාලේ ඇති වූ දරුණුතම මානුෂීය අර්බුදයක් බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සියේ ප්රධානී අන්තෝනියෝ ගුටේරස් පවසයි.
එමෙන්ම, තනි ගැටුමක් හේතුවෙන් ශතවර්ෂ කාලයකට ආසන්න කාලයේ ඇති වූ දරුණුතම මානුෂීය අර්බුදය මෙය බවද පැවසෙයි.