සිරියාවේ, ඩමස්කස් නුවර යර්මෝක් හි පලස්තීන අනාථ කඳවුර වෙත යෑමේ අවසරය වහාම ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉල්ලා තිබේ.
අනාථයන් 18,000ක් පමණ වෙසෙන මෙම කඳවුරේ තත්ත්වය අතිශය අමානුෂික බව එක්සත් ජාතීන්ගේ නිලධාරියෙකු බී.බී.සී.ය වෙත පවසා ඇත.
ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් විසින් මෙම ප්‍රදේශය වෙත පසුගිය අප්‍රේල් 01 වැනිදා ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග මෙම තත්ත්වය තවදුරටත් දරුණු වී ඇත.
පලස්තීන සම්භවයක් ඇති සටන්කරුවන් සිරියානු රජයට විරුද්ධවව කටයුතු කරන අතර, ඔවුන් ඉස්ලාම් රාජ්‍යයට එරෙහිව සටන් වදින නිදහස් සිරියාවේ සටන්කරුවන් සමග එක්ව සටන් වදියි.