උතුරුදිග රුසියානු නගරයක් වූ ඇලෙප්පෝ හි දැවැන්ත පිපිරීමක් සිදුවෙමින් හෝටලයක් සහ තවත් ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් හෝටලයට හා අවට ගොඩනැගිලිවලට විශාල හානියක් සිදුව ඇතත්, තුවාල ලැබූවන් හෝ ජීවිතක්ෂයට පත්වූවන් ගැන තවමත් නිල තොරතුරු වාර්තා නොවෙයි.
නගරයේ පෞරාණික බලකොටුව සහ වෙළෙඳ නගරය ආසන්නයේ නලයක කැරලිකරුවන් විසින් තැබූ බෝම්බයක් මේ ආකාරයෙන් පුපුරා ඇති බව සිරියානු රජය චෝදනා කරයි.
නමුත්, විරුද්ධවාදීන් පෙන්වා මෙම පිපිරීම හේතුවෙන් ඒ ආසන්නයේ කඳවුරු බැඳ සිටි රජයේ හමුදා විශාල පිරිසක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත් මෙම දෙපක්ෂයම නගරය තුළ තම බලය තහවුරු කරගැනිම සඳහා විශාල උත්සාහයක් ගනිමින් සිටියි.
මේ අතර, පසුගිය දෙසැම්බර් මාසයේ සිටම ඇලෙප්පෝ නගරය දැවැන්ත බෝම්බ ප්රහාර රැසකට ගොදුරු වී ඇති අතර, මේ නිසා ගොඩනැගිලි රැසක් විනාශ වෙමින්, මිනිස් ජීවිත දහස් ගණනින් අහිමි වී තිබේ.