සිරියාවේ ක්‍රියාත්මක IS ඉස්ලාමීය රාජ්‍යයේ අන්තවාදීන් එරට වයඹදිග ප්‍රධාන නගරයක් වූ ජිස්ර් අල්-සුගුර් නගරයේ වැඩි කොටසක බලය අත්පත් කරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට ඉඩ්ලිබ් ප්‍රාන්තයේ රජයේ පාලනයේ පැවති අවසන් නගරය ලෙස සැලකෙන මෙම නගරයේ බලයද ඉස්ලාමීය රාජ්‍යයේ අන්තවාදීන් අතට පත්වීමත් සමග සිරියානු රජයේ හමුදා දැඩි පසුබෑමකට ලක්ව ඇති බවද කියැවෙයි.
අල්-කයිඩා සංවිධානයට සම්බන්ධ අල්-නුස්රා සංවිධානයද මෙම ප්‍රහාරවලට සම්බන්ධව කටයුතු කර ඇති අතර, පසුගිය බ්‍රහස්පතින්දා සිට ප්‍රහාර දියත් වී ඇති බව කියැවෙයි.
සිරියානු රජයේ මාධ්‍ය පවසා සිටියේ මේ වනවිටත් නගරය ආශ්‍රිතව දරුණු සටන් පවතින බවයි.
මේ අතර, රජයේ ගුවන් හමුදා ප්‍රහාරක යානා යොදා ගනිමින් අන්තවාදීන්ට ප්‍රහාර අරඹා ඇති බවද වාර්තා වෙයි.