සිරියාවේ වයඹදිග ඉඩ්ලිබ් ප්‍රදේශයේදී ජිහාඩ් ත්රස්තයන් විසින් රුසියාවට අයත් ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙළා ඇති බව විදෙස් වාර්තා පවසයි.
රුසියානු ආරක්ෂක අංශ පවසා සිටියේ සුක්හෝයි-25 වර්ගයේ ප්‍රහාරක යානයේ නියමුවා පැරෂුටයක් ආධාරයෙන් යානයෙන් ඉවතට පැන තිබුණත්, ඔහු හයට් ටහීර් අල්-ෂාම් ජිහාඩ් සටන්කරුවන් ගැවසෙන ප්‍රදේශයට පතිත වන්නට ඇති බවයි.
එමෙන්ම, නියමුවා නිරුපද්‍රිතව පතිත වන්නට ඇති බවට විශ්වාස කළත්, ගොඩබිම් ප්‍රහාරවලට ලක්ව ඔහු මිය යන්නට ඇති බවටද රුසියානු ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.
හයට් ටහීර් අල්-ෂාම් සටන්කාමීන් අල්-කයිඩා ජිහාඩ් ත්රස්තයන්ට සම්බන්ධ ත්‍රස්ත සංවිධානයක් වන අතර, ඔවුන් රුසියානු යානය වෙඩි තබා බිම හෙළීමේ වගකීම භාරගෙන තිබේ.
ඉඩ්ලිබ් ප්‍රදේශයේ ගැවසෙන ජිහාඩ් සටන්කාමීන්ගේ ඉලක්ක වෙත සිරියානු රජයේ හමුදා විසින් දිගින් දිගටම එල්ල කරන ප්‍රබල ප්‍රහාරක ශක්තියට රුසියානු ගුවන් හමුදාවද පසුගිය දෙසැම්බර් මාසයේ සිට ප්‍රබල සහයෝගයක් ලබාදෙමින් තිබුණි.