සිරියාවේ කැරලිකරුවන් පාලනයේ පවතින හාමා පළාතෙහි මීටර් 20ක් පමණ පොළොව අභ්‍යන්තරයේ ඉදිකරන ලද රෝහලක් ප්‍රබල ගුවන් ප්‍රහාරයකින් විනාශයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
පළාතේ පවතින වඩාත් ආරක්ෂාකාරී සහ පහසුකම් සහිත රෝහලක් ලෙස සැලකුණු මෙම ස්ථානය වෙත ඊයේ (01දා) එල්ල වූ ප්‍රබල බෝම්බ ප්‍රහාරයෙන් පසුව එහි කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇති බවද කියැවෙයි.
මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොතිබුණද, රෝහල් ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාර මාලාවේ වඩාත් දරුණුතම ප්‍රහාරයක් ලෙස මෙය සැලකිය හැකි බව එරට ක්‍රියාතමක සහන කණ්ඩායම් පවසා තිබේ.
මෙම ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කරනලද ප්‍රහාරයක් දැයි තහවුරු කර නොතිබුණත්, මෙය සිරියානු රජයේ හමුදා හෝ රුසියානු ගුවන් යානා විසින් එල්ල කරනලද ප්‍රහාරයක් විය හැකි බවට මෙම සහන කණ්ඩායම් චෝදනා නගයි.
කෙසේ වෙතත්, සිරියාව මෙන්ම රුසියාව අවධාරණය කරන්නේ තමන් කිසිවිටෙකත් සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල නොකරන බවයි.