ISIS ඉස්ලාමීය රාජ්‍යයේ ජිහාඩ් අන්තවාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයෙන් තමන් හා තම රජය වෙත දැනුම්වත් කිරීම් සිදුවන බව සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පවසයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී සිරියාව තුළ ගුවන් ප්‍රහාර ආරම්භ වනවිට සෘජු සහසම්බන්ධතාවක් නොතිබුණු බව බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් අසාද් පවසා සිටියත්, තුන්වැනි පාර්ශ්වයන් මගින් අදාළ තොරතුරු තමන් වෙත ලැබුණු බව අසාද් ජනාධිපතිවරයා පවසා ඇත.
කෙසේ වෙතත්, කැරලිකාර හමුදාව ගැවසෙන ප්‍රදේශ වෙත තම රජයේ හමුදාව බැරල් බෝම්බ හෙළන බවට නැඟෙන චෝදනා මෙම අදහස් දැක්වීමේදී අසාද් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද බී.බී.සී.ය කියයි.