සිරියාව විසින් එල්ල කළේ යැයි කියන රසායනික අවි ප්‍රහාරයක් සම්බන්ධයෙන් එරටට එරෙහිව එක්ව නැගී සිටීමේ G7 කණ්ඩායමේ වැඩපිළිවෙළ ඊයේ (10දා) ඉතාලියේදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.
මෙම රටවල විදේශ අමාත්‍යවරුන් විසින් සිදුකරන මෙම සාකච්ඡාවේදී සිරියානු ජනපති බෂර් අල්-අසාද්ගෙන් රුසියාව වෙන්කිරීම සඳහා රුසියාව වෙත බලපෑමක් කිරීමද මූලික වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, සිරියාව සම්බන්ධයෙන් වූ ඇමෙරිකානු ප්‍රතිපත්තියේ පැහැදිලි බවක් ලබාගැනීමද G7 කණ්ඩායමේ අරමුණ වී තිබූ බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, සිරියාවට සහාය දැක්වමින් ඇමෙරිකාව එල්ල කරනලද මිසයිල ප්‍රහාරයට විරෝධය පැමට රුසියාව කටයුතු කිරීම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ගේ දැඩි දෝෂ දර්ශනයටද ලක්ව තිබුණි.