සිරියාව ප්‍රථම රසායනික අවි තොගය භාරදුන් බවත්, එය ලටාකියා වරාය හරහා ඩෙන්මාර්කයට අයත් නෞකාවකින් රැගෙන ගිය බවත් එක්සත් ජාතීන් අනාවරණය කරයි. මෙම අවි තොගය රැගත් නෞකාවට චීන, ඩෙන්මාර්ක, නෝර්වේ හා රැසියානු යුද නෞකාවලින් ආරක්ෂාව සැපයූ බවද වාර්තා වෙයි.
මෙම රසායනික අවි තොගය රැගත් නෞකාව මුලින්ම ඉතාලි වරායකට සේන්දු වන අතර, එහිදී ඇමෙරිකානු යුද නෞකාවකට අවි තොගය පටවා ගැනීමට නියමිතය. පසුව එම අවි තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවට ගෙන ගොස්, විශේෂයෙන් සකස් කළ ටයිටේනියම් ටැංකියක බහා විනාශ කෙරෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් අනාවරණය කරයි.