උතුරුදිග සිරියාවේ හාමා සහ ඇලෙප්පෝ හි රජයට පක්ෂපාතී සටන්කාමීන් සහ ඉරාන සටන්කාමීන් ඉලක්ක කර දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
සිරියානු හමුදා පවසා සිටියේ හාමා සහ ඇලෙප්පෝ හි ගොඩනැගිලි සංකීර්ණයක් මෙම ප්‍රහාරයෙන් විනාශ වී ඇති බවයි.
කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව ඔවුන් සඳහන් කර නැත. නමුත්, බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් නිරීක්ෂණ කණ්ඩායම් පවසා සිටියේ සිරියානුවන් සිව්දෙනෙකු සහ විදේශීය සටන්කාමීන් 22 දෙනෙකු ජීවිතක්ෂයට ලක්ව ඇති බවයි. ඔවුන් වැඩි දෙනා ඉරාන ජාතිකයන් බවද ඔවුන් පවසා තිබුණි.
ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කරනු ලැබුවේද යන්න මෙතෙක් සඳහන් කර නොතිබුණත්, මීට පෙර ඇමෙරිකාව ප්රමුඛ බටහිර සන්ධානය සහ ඊශ්‍රායලයද සිරියාව වෙත ප්‍රහාර එල්ල කර තිබුණි.