සිරියානු රජයට අයත් ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය කියයි.
මේ අතර, සිරියානු රජයේ රූපවාහිනිය පවසා තිබුණේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එරෙහි ප්‍රහාරයක් සඳහා යොදා තිබූ තම ප්‍රහාරක යානයක් වෙත එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පසුව එය අතුරුදන්ව ඇති බවයි.
කෙසේ වෙතත්, මෙය ත්රස්තවාදයට එරෙහිව සිදුකරන යුද්ධයේ අතිශය නරක පූර්වාදර්ශයක් බව සිරියාව පවසයි.
ඇමෙරිකානු හමුදා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, මෙම යානය බිම හෙළීම, තම සහාය ලබන සටන්කාමීන් ආසන්නයට සිරියානු යානාවලින් බෝම්බ හෙළීමට එරෙහිව ස්වයං ආරක්ෂාවක් සලසා ගැනීම වෙනුවෙන් සිදුකළ බවයි.
සිරියාවේ ජාඩින් නගරය ආසන්නයේදී සිරියානු යානය වෙත ප්‍රහාර එල්ල වී තිබූ අතර, එය රක්ඛා නගරය ආසන්නයේ සිරියානු ප්රජාතන්ත්රවාදී හමුදා කඳවුරු බැඳ සිටින භූමියකි.
මෙම සිරියානු ප්රජාතන්ත්රවාදී හමුදා ඇමෙරිකානු සහාය ලබමින් රක්ඛා නගරයේ ඉස්ලාම් රාජ්‍යය ත්රස්තයන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන්නන් වන අතර, ඔවුන්ට ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ගුවන් යානාවල ආරක්ෂාව හා සහාය සැලසෙයි.
කෙසේ වෙතත්, මෙය සිරියානු රජයට එරෙහිව සිදුකළ ප්‍රහාරයක් නොවන බවද ඇමෙරිකාව කියයි.