සිරියානු අර්බුදය විසඳීම වෙනුවෙන් වියානා නුවරදී පැවැත්වෙන බහුපාර්ශ්වීය සාකච්ඡා වෙනුවෙන් ඉරාන විදේශ අමාත්‍ය මොහොම්මද් ජවාඩ් සරීෆ් සහභාගි වීමට නියමිත බව වාර්තා වෙයි.
සිරියානු ජනපති බෂර් අල් අසාද්ගේ සමීප හිතවතෙකු ලෙස සැලකෙන ඉරානය ඇමෙරිකාව සමග මෙවැනි සාකච්ඡා වටයකට සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් වාර්තා පවසයි.
ඉරානයට අමතරව, රුසියාවද මීට සහභාගි වීම විශේෂත්වයක් වන අතර, සෙසු රටවල් ලෙස සෞදි අරාබිය හා තුර්කියද ඊට සහභාගි වීමට නියමිතය.