සිරියානු හෝම්ස් නගරයේ සිටින කැරලිකරුවන්ගේ අවසන් බලකඳවුරේ සිටින සටන්කාමීන් ඉවත් කිරීම මේ වනවිට සිදුවන බව වාර්තා වෙයි.
අද (7දා) උදෑසන ප්රථම බස් රථය පැරණි නගරය වෙත ළඟා වූ අතර, මෙම ඉවත් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් සිදු කෙරෙයි.
ඒ අනුව, සටන්කාමීන් රැගත් බස් රථ දෙකක් පමණ මේ වනවිටත් උතුරුදිග ප්රදේශය වෙත ළඟා වී ඇති බවද වාර්තා වෙයි.
මේ ක්රියාමාර්ගය තුළ බෂර් අල් අසාද් පාලනයට එරෙහිව සටන් දියත් කළ විප්ලවයේ අගනගරයෙන් සියලුම සටන්කාමීන් ඉවත්ව යනු ඇති බව කියැවෙයි.
මෙම වසර මුලදී පුද්ගලයන් 1,400ක් පමණ පැරණි නගරයෙන් ඉවත් කෙරෙනු අතර, එය එක්සත් ජාතීන්ගේ හා රතු අඩ සඳ සංවිධානයන්ගේ මූලිකත්වයෙන් සිදුවිය.