දේශසීමාවේ ක්‍රියාත්මක වෙමින් සිටින කුර්දි ප්‍රහාරකයන් මැඩලීමේ මෙහෙයුමක කොටසක් වශයෙන් උතුරු සිරියාවට පිවිසීමට තීන්දු කරන ලද බවත් තුර්කි අගමැතිවරයා පවසයි.
ඒ අනුව සිරියාව අභ්‍යන්තරයේ කිලෝමීටර් තිහක (30) ආරක්ෂක තීරයක් නිර්මාණය කර ගැනීම තුර්කියේ සැලසුම වෙයි.
IS ඉස්ලාම් ත්රස්තයන්ට එරෙහිව සටන් වදින මෙම කුර්සි සටන් කණ්ඩායම් වන වයි.පී.ජී. සන්නද්ධ ව්‍යාපාරයට ඇමෙරිකා එක්සත් ජනපදයේද සහයෝගය ලැබෙයි.
මේ නිසාම, එය එක්සත් ජනපදය සමග දැනටමත් ගැටුම්කාරී සබඳතාවක් පවත්වාගෙන තුර්කිය තවදුරටත් සිය පාලනය අනතුරේ හෙළා ගැනීමක් බවටද විදෙස් වාර්තා හඳුන්වයි.
කෙසේ වෙතත්, දැනටමත් කිලෝමීටර් 30ක පමණ රට අභ්‍යන්තරයට තුර්කි හමුදා පැමිණ ඇති බව තුර්කිය කියා සිටියත් කුර්දි සටන්කරුවන්ට අනුව ඔවුන්ගේ ප්‍රහාර හමුවේ මෙම හමුකා පළාගොස් ඇත.
නමුත්, විශේෂ ප්‍රකාශයක් කළ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් තුර්කිය සිය රට තුළට ඇතුල්වීම හෙළා දුටු අතර, මෙම තත්ත්වය හමුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා සිටින බව ප්‍රංශ විදේශ ඇමති ෂෝන් වෙස් ලෙ ඩ්රී පවසා තිබුණි.