සිංගප්පූරුවේ සුවිසල් 'සිටි හාවස්ට් දේවස්ථානයේ' පාස්ටර්වරයෙක්, එම ආයතනයට අයත් ඩොලර් මිලියන ගණනක මුදලක් සිය බිරිඳගේ සංගීත දිවිය වෙනුවෙන් වැය කර ඇති බව හෙළි වී තිබේ.
කොන්ග් හී ලෙස හඳුනාගෙන ඇති මෙම පාස්ටර් සහ තවත් පිරිසක් මෙම මූල්‍ය වංචාවට හවුල් වී ඇති අතර, ඔවුන් දේවස්ථානයට අයත් ඇ.ඩො.මිලියන 50ක් සන් හෝ නමැති සිය බිරිඳගේ සංගීත දිවිය ප්‍රවර්ධනයට යොදවා ඇති බව කියයි.
කෙසේ වෙතත්, මෙය සිය බිරිඳගේ සංගීත දිවියේ ඉහළ නැගීම ඉවසාගත නොහැකි පිරිස් විසින් නඟන අභූත චෝදනාවක් බව අදාළ පාස්ටර්වරයා අවධාරණය කරයි.
අදාළ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණු මෙම පිරිස වැරදිකරුවන් වුවහොත්, ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරෙනු ඇති බව පැවසෙයි.