ඉතාලියේ මිලානෝ නගරය බලා ගමන් කරමින් තිබූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක ඇති වූ ගින්නක් හේතුවෙන් එම යානය හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.
SQ368 ලෙස සැලකෙන බෝයිං 777 වර්ගයේ යානය ගුවන්ගත වී මද වේලාවකට පසුව එහි එක් එන්ජිමක දෝෂයක් සම්බන්ධයෙන් නියමුවා සැලකිරීමත් සමග වහාම යානය ආපසු හරවා පැමිණ තිබේ.
කෙසේ වෙතත්, මෙසේ අනතුරට පත් යානයේ සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂා සහිතව ඉන් ඉවත්කිරීමට හැකි වී ඇති බව බලධාරීහු පවසති.
එහිදී, චැන්ගි ගුවන් තොටුපොළ වෙත යානය ගොඩ බස්සනවාත් සමග එහි දකුණු පස එන්ජිමේ ගින්නක් හට ගෙන ඇති අතර, වහාම ක්රියාත්මක වූ ගුවන්තොටුපොළ ගිනි නිවන බලකාය එම ගින්න මැඬපැවැත්වීමට සමත්ව තිබේ.
කෙසේ වෙතත්, එම දර්ශනය එම යානයේ සිටි මගියෙකු විසින් සිය ජංගම දුරකථන කැමරාවෙහි සටහන් කරගෙන තිබුණි.