ස්මාට් ජංගම දුරකථන හා අර්ධසන්නායක අලෙවියෙන් සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික් සමාගම 2015 අවසන් කාර්තුවේදී පසුබෑමක් පෙන්නුම් කර ඇති බව බී.බී.සී.ය පවසයි.
අසීරු ව්‍යවසාය පරිසරය හා තොරතුරු තාක්ෂණ ඉල්ලුම අඩුවීම හේතුවෙන් දෙසැම්බර් දක්වා වූ අවසන් කාර්තුවේ සමාගමේ ශුද්ධ ලාභය 40% කින් පමණ අඩුවී තිබේ.
දකුණු කොරියාවේ දැවැන්ත තාක්ෂණික සමාගමක් වූ සැම්සුන්ග් සමාගම පෙන්වා දෙන්නේ එළැඹෙන වසර තුළදීද ලාභ ඉපයීමක් පවත්වාගෙන යාම අතිශය අසීරු විය හැකි බවයි.
ෂිආඕමි හා හුවාවේ වැනි චීන සමාගම්වලින් එල්ල වී ඇති තරගයද සැම්සුන්ග් වේගය අඩාල වීමට තවත් හේතුවක් වී ඇත.