අල්ලස් ලබාදීම ඇතුළු චෝදනා කිහිපයක් වෙනුවෙන් සැම්සුන් සමාගමේ ප්‍රධානී ලී ජේ-යන්ග් අත්අඩංගුවට පත්ව ඇති බව දකුණු කොරියානු මාධ්‍ය පවසයි.
දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ග්වෙන්-හියි සම්බන්ධයෙන් දූෂණ චෝදනා සමග මෙම අත්අඩංගුවට ගැනීමේද සම්බන්ධයක් පවතින බවද සඳහන් වෙයි.
රජයේ හොඳ හිත දිනාගැනීම සඳහා ජනපතිනියගේ හිතවතියක වූ චොයි සූන්-සිල් විසින් මෙහෙය වූ ලාභ නොලබන පදනමක් වෙත අරමුදල් සම්පාදනය කිරීමේ චෝදනාව මෙම අත්අඩංගුවට ගැනීමේ මූලික හේතුව බව කියැවෙයි.
කෙසේ වෙතත්, ප්‍රධානී ලී මෙන්ම සැම්සුන්ග් සමූහය මේ සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
අනාගතයේ අධිකරණ ක්‍රියාමාර්ගය තුළ අපේ සම්පූර්ණ නිර්දෝෂීභාවය ලොවට හෙළිවනු ඇති යනුවෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන සැම්සුන් සමූහය පවසයි.
සමීක්ෂණ වාර්තා අනුව දැනට ලෝකයේ ස්මාට් දුරකථන අතර පෙරමුණේ සිටින සැම්සුන් නාමයට පසුගිය කාලය පුරාවට විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවුවත්, එම දුරකථන කෙරෙහි වූ පාරිභෝගික ආකර්ෂණය තවමත් වර්ධනීය මට්ටමක පවතින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.