ඉන්දියාවේ කාෂ්මීර ප්රදේශයේදී සැඟව සිට සිදුකරන ලද පහරදීමකින් ඉන්දීය යුද හමුදා සාමාජිකයන් තිදෙනෙකු හා කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්රහාරය කැරලිකරුවන් විසින් සිදුකරන්නට ඇති බව ඉන්දීය පොලීසිය විශ්වාස කරයි.
ඉන්දියාවේ, දකුණු කාෂ්මීරයේ ෂෝපියාන් ප්රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකොට යළි කඳවුර වෙත ගමන් කරමින් සිටියදී හමුදා රථ පෙළට අත්බෝම්බ දමා ගසමින් මෙම ප්රහාරය සිදුකර ඇති බව වාර්තා වෙයි.
මෙම ප්රහාරය හේතුවෙත් තවත් හමුදා සාමාජිකයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වෙයි.
මෙම ප්රහාරය අතර සිදුවූ වෙඩි හුවමාරුවේදී කාන්තාවකද ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, ඉන්දියාවේ කාෂ්මීර ප්රදේශයේ වසර ගණනාවක සිට මෙවැනි උණුසුම් තත්ත්වයන් වරින් වර ඇති වෙයි.