යුක්රේන රජයේ හමුදාව සහ රුසියානු හිතවාදී කැරලිකරුවන් අතර සාම සාකච්ඡා ආරම්භ වීමට දිනක් තිබියදී නැගෙනහිර යුක්රේනයේ ගැටුම් උග්‍ර වෙයි.
එහිදී බෙදුම්වාරදී කැරලිකරුවන්විසින් ක්‍රැමටෝර්ස්ක් ප්‍රදේශයේ හමුදා මූලස්ථානය වෙත රොකට් ප්‍රහාර එල්ල කර තිබේ.
කෙසේ වෙතත්, යුක්රේනයේ ස්වේච්ඡා හමුදාව මීට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවද වාර්තා වෙයි.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ආරම්භ වූ යුක්රේන ගැටුම් හේතුවෙන් මේ වනවිට මිනිස් ජීවිත 5,400ක් අහිමිව තිබේ.
යුක්රේනය, රුසියාව, ප්‍රංශය හා ජර්මනිය යන රටවල නායකයන් බෙලරූස් හි අගනගරය වන මිනිස්ක් හිදී හෙට හමුවීමට නියමිතව ඇත්තේ මාස ගණනක් පුරා පවතින ගැටුම්වලට ස්ථිර සාම ගිවිසුමක් ඇති කිරීම සඳහාය.