කොලොම්බියානු රජය හා ෆාක් ගරිල්ලන් අතර සාම සාකච්ඡා වෙනුවෙන් එරට අලුතින් බිහිවූ විශ්ව රූ රැජිනට ෆාක් ගරිල්ලන් ආරාධනා කර ඇති බව වාර්තා වෙයි.
සිය වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරන ෆාක් ගරිල්ලන් පවසන්නේ 22 හැවිරිදි පවුලීනා වේගාට තමන් ආරාධනා කළ බවයි.
කෙසේ වෙතත්, නව රූ රැජින තවමත් මෙම ආරාධනය භාරගෙන නොමැති බව එරටින් වාර්තා වෙයි.
පසුගිය වසර දෙකක කාලය තුළ කැරලිකාර හමුදාව එරට රජය සමග සාකච්ඡා පවත්වමින් සිටියි.
රාජ්ය විරෝධී ගරිල්ලා යුද්ධයක් පසුගිය වසර 50ක කාලය පුරා කොලොම්බියාවේ පැවතිණි.