උතුරු කොරියාව සහ දකුණු කොරියාව සාමකාමී මාවතකට පිවිසෙන අතරවාරයේ පවා ඇමෙරිකාව ඔවුන් වෙත පීඩනයක් සහ බලපෑම් එල්ල කරන බවට උතුරු කොරියාව චෝදනා කරයි.
උතුරු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ බලධාරීන් පවසන්නේ, 'ඔවුන් න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් අත්හරින තුරු ඇමෙරිකානු සම්බාධක ඉවත් කරන්නේ නැහැ' ආදී වශයෙන් චෝදනා කරන බවයි.
ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර ඉදිරි සති කිහිපය තුළ ඒ ඓතිහාසික හමුවට දින හා ස්ථාන පවා මේ වනවිට වෙන්වී ඇති බව පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ම පවසන ලදී.
එය දෙරටේ නායක දෙපළක් අතර පැවැත්වෙන ඓතිහාසික ප්‍රථම හමුව වනු ඇත.
කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී උතුරු කොරියාව දකුණු කොරියාව සමග පෑ ඉතා කුළුපග මිත්‍රත්වය මෙන්ම, ඔවුන් මෙම සාම මාවතට වඩාත් ඉක්මණින් පැමිණීම ඇමෙරිකාව බලාපොරොත්තු වූවාට වඩා වේගවත් වූ බව දේශපාලන විචාරකයෝ පවසති.
මේ තත්ත්වය තුළ ඇමෙරිකාව තවදුරටත් සිය බලය පෙන්වීම සඳහා මෙවැනි වාග් ප්රහාරයන් දියත් කරමින් සිටින බව ඔවුහු වැඩිදුරටත් පවසති.