රුසියාවෙන් තර්ජනයක් සිදුවෙතැයි යන බියෙන් එරට තරුණයන් බලහත්කාරයෙන් හමුදා සේවයට බඳවා ගැනීමේ ක්‍රමවේදය යළි හඳුන්වාදීමට ස්වීඩනය කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට පාර්ලිමේන්තු අනුමැතියද ලැබී ඇති මෙම තීරණය මගින් නව හමුදා සාමාජිකයන් 4,000ක් ලබන වසරේ ජනවාරි මාසය වන විට සේවයට බඳවා ගැනීම සිදුකළ යුතුව ඇති බව ස්වීඩන් ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකවරයෙකු පවසා සිටියේය.
ඒ අනුව, වර්ෂ 1999 වසරේදී උපත ලැබූ තරුණ තරුණියන් 13,000ක් අතරින් මෙම පිරිස තෝරාගැනෙනු ඇති අතර, ඔවුන් හමුදා සේවය සඳහා තක්සේරුවකට ලක්කෙරෙනු ඇති බවද අමාත්‍යාංශය පවසයි.
නොබැඳි රාජ්‍යයක් වන ස්වීඩනය බෝල්ටික් කලාපයේ රුසියානු හමුදා අභ්‍යාසයන් සම්බන්ධයෙන් යම් කණස්සලු ස්වභාවයකින් පසුවෙයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ස්වීඩන් ප්‍රධාන දිවයින හා පැවති සෝවියට් බෝල්ටික් රාජ්‍යයන් තුනක දේශසීමා ආසන්නයේ පිහිටි ගොට්ලෑන්ඩ් දූපතේ විශේෂ හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමටද ස්වීඩනය කටයුතු කර තිබුණි.