ලෝකයේ සාමකාමී රටක් ලෙස ප්රචලිත ස්වීඩන් පාසලකදී මුහුණ ආවරණය කරගත් පුද්ගලයෙකු විසින් පිහි ඇණුමක් සිදුකර එම පාසලයේ ගුරුවරයෙකු හා සිසුවෙකු ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම මිනීමැරුම් සිදුකිරීමට පෙර ඔහු කළු වර්ණයෙන් සැරසී, මුහුණු ආවරණය කරගනිමින් ඡායාරූප කිහිපයක්ද සමාජජාල වෙත නිකුත් කර තිබුණි.
ස්වීඩනයේ බටහිර නගරයක් වූ ට්රොල්හැට්න් හිදී සිදුවූ මෙම ඝාතන සිදුකළ පුද්ගලයා වයස අවුරුදු 21ක තරුණයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ ඔහු පසුව ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය කියයි.
සිද්ධිය ඇසින් දටුවන් පවසා සිටියේ මෙම ඝාතකයාගේ පැමිණීමත් සමග පාසල තුළ මර ලතෝනි හඬ සෑම දෙසින්ම ඇසුණු බවයි.
මොහුගේ පිහි ප්රහාරවලට මුහුණ දුන් වයස අවුරුදු 11 හා 15 වයසේ දරුවන් දෙදෙනෙකුද තුවාල ලබා තිබූ අතර, ගුරුවරයෙකුද තුවාල ලබා තිබුණි.