ස්විට්සර්ලන්තයේ ද්විතීයික පාසලක මුස්ලිම් පිරිමි දරුවන් දෙදෙනෙකුට ගුරුවරියන් සමග අතට අත නොදී සිටීමට අවසර ලබාදීමත් සමග එරට තුළ ඊට බලවත් විරෝධයක් ඇති වී තිබෙන බව බී.බී.සී.ය කියයි.
අතට අත දීමේ චාරිත්‍රය ස්විට්සර්ලන්තය තුළ කැපී පෙනෙන චාරිත්‍රයක් වුවත්, උතුරුදිග තෙර්විල් නගරයේ පාසලක දරුවන් දෙදෙනෙකුට මෙම අවසර ලබාදීම තුළින් ස්විට්සර්ලන්තයේ සංස්කෘතියට මෙන්ම එරට ජනජීවිතයට බලවත් අතුල්පහරක් වදින බවට චෝදනා නැඟී ඇත.
තම පවුලෙන් පිටස්තර කාන්තාවන් ස්පර්ශ කිරීම සිය ලබ්ධියට පටහැනි ක්‍රියාවක් බව පවසමින් මෙසේ ගුරුවරියන් සමග අතට අත නොදී සිටීමට මොවුන්ගෙන් ඉල්ලීමක් ලැබී තිබේ.
කෙසේ වෙතත්, එරට අධිකරණ අමාත්‍ය සයිමොනේටා සොම්මාරුගා මෙම ක්‍රියාව දැඩිව හෙළා දැක ඇති අතර, එරට ප්‍රාදේශීය ගුරු සංගම්ද පවසන්නේ මෙය කාන්තාවන් වෙනස් කොට සැලකීමේ ක්‍රියාවක් බවයි.