ස්වාසිලන්තයේ 'උම්හ්ලාන්ගා රීඩ්' නර්තන උත්සවය හෙවත්, ස්වාසි රජුගේ අන්ත:පුරයට කන්යාවියන් තොරාගැනීමේ උත්සවයට පැමිණෙමින් සිටි ලොරියක් අනතුරට පත්ව තරුණියන් 65ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ස්වාසි රාජ මාලිගා පරිශ්රයේදී පැවැත්වෙන මෙම පාරම්පරික උත්සවය සඳහා කන්යාවියන් පමණක් සහභාගි කරගන්නා අතර, එම ලොරිය විවෘත ලොරියක් හේතුවෙන් මෙසේ මියගිය පිරිස වැඩිවී තිබේ.
වාර්ෂික රීඩ් නර්තන උත්සවය හරහා ම්ස්වාති රජු වෙත අලුත් මනාලියන් තෝරාගැනීම ලොව පුරා බොහෝ විවේචනයන්ට පවා ලක්ව තිබේ.
ස්වාසිලන්තය පුරා වෙසෙන තරුණ වයසේ පසුවන කන්යාවියන් උඩුකය නිරුවත්ව පැවැත්වෙන මේ නර්තනය සඳහා බලහත්කාරයෙන් සම්බන්ධ කරගන්නා බවට සහ අවසානයේදී රජුගේ බිරිඳක බවට පත් කරගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට මෙසේ චෝදනා නැගෙයි.