ස්වයංක්‍රීය ධාවනයක් සහිත මෝටර් රථ ව්‍යාපාරයේ වේගවත් වර්ධනයක පෙරනිමිති පෙන්වමින් ඇමෙරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම සහ ෆියට් ක්‍රයිස්ලර් සමාගම් එවැනි මෝටර් රථ නිපදවීමේ ගිවිසුමක් ඇති කරගෙන තිබේ.
එහිදී, මෙම ව්‍යාපෘතිය වේගවත් කිරීමේ අරමුණින් ජපානයේ සොෆ්ට්බෑන්ක් ආයතනය විසින් ඇ.ඩො.බිලියන 2.25ක ආයෝජනයක් එක් තනි ආයෝජකයෙකු ලෙස ජෙනරල් මෝටර්ස් සමාගමේ ස්වයංක්‍රීය ධාවන මෝටර් තාක්ෂණ ඒකකය වන කෘස් වෙත පිරිනමා තිබේ.
එමෙන්ම, ගූගල් සමාගමේ හිමිකාරීත්වය දරණ වෙයිමෝ සමාගම විසින් ෆියට් ක්‍රයිස්ලර් මිනි වෑන් රථ 62,000ක් ඔවුන්ගේ ස්වයංක්‍රීය මෝටර් රථ එකතුව සඳහා ලබාගැනීමට සූදානමින් සිටියි.
මේ අතර, උබර් සමාගමේ ප්‍රධානියා පවසා තිබුණේ වෙයිමෝ සමාගම හරහා ස්වයංක්‍රීය ධාවනයක් සහිත රථ තම මගී ප්‍රවාහන සේවා ජාලයට ලබාගැනීමේ බලාපෙරොත්තුවක් පවතින බවයි.
මේ සියලු කාරණා හරහා ඉදිරි වසර කිහිපය තුළ ස්වයංක්‍රීය ධාවනයක් සහිත මෝටර් රථවල තාක්ෂණික පර්යේෂණ කඩිනම් වෙමින් එම රථ නොබෝ කාලයකින්ම ප්‍රවාහනයට එකතු වීමේ බලාපොරොත්තු ඉහළ නැංවෙයි.