IS ඉස්ලාම් රාජ්‍ය වෙත ආධුනිකයන් බඳවා ගැනීමට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ස්පාඤ්ඤය හා මොරොක්කෝව එක්ව සිදුකළ මෙහෙයුමකින් හැකිවී තිබේ.
මෙසේ අත්අඩංගුවට පත් එක් අයෙකු ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරට ආසන්නයේ ජීවත් වූ අයෙකු ලෙස සැලකෙන අතර, අනෙක් පුද්ගලයන් මොරොක්කෝ නගර කිහිපයකදී අත්අඩංගුවට පත්ව ඇත.
සිරියාව හා ඉරාකය මූලික කරගනිමින් දැනට පිහිටුවා ඇති ඉස්ලාම් රාජ්‍යය වෙත ම්ලේච්ඡ සටන්කරුවෙකු ලෙස සහභාගි කරවා ගැනීම මෙම බඳවාගැනීම්වල අරමුණ වී තිබේ.
ප්‍රංශයේ අධිවේගී දුම්රියකදී අත්අඩංගුවට පත් ඉස්ලාම් රාජ්‍ය අන්තවාදියා ස්පාඤ්ඤයේ ජීවත් වන මොරොක්කෝ ජාතිකයෙකු බව හඳුනාගැනීමත් සමග මෙම ත්‍රස්ත මර්දන මෙහෙයුම දෙරට එක්ව සිදුකර තිබේ.