වයඹදිග ස්පාඤ්ඤයේ මෝටර් රථ රැලියක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වේගය පාලනය කරගත නොහැකි වූ මෝටර් රථය ධාවන පථයෙන් ඉවතට පැන තරගය නරඹමින් සිටි පිරිසක්ද යටකරගෙන ගොස් ඇති අතර, මින් තවත් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
සජීවී රූපරාමුවල දක්නට ලැබෙන්නේ දූලි වලාවක් නංවමින් මෝටර් රථය ප්රේක්ෂකයන් යටකරගෙන ගමන් කරන ආකාරයයි.
මෝටර් රථයේ පමණ ඉක්මවූ වේගය මෙම අනතුරට හේතුව බව පොලීසිය කියයි.