ස්පාඤ්ඤයේ බාසිලෝනා සහ වැලෙන්සියා අතර මාර්ගයක විදෙස් සිසුන් පිරිසක් රැගෙන ගමන් කරමින් තිබූ බස් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම බස් රථයේ ගමන් කළ 57 දෙනාගෙන් වැඩි පිරිස ශිෂ්‍ය ශිෂ්‍යාවන් බවත් ඔවුන් ගිනිකෙළි උලෙළක් නරඹා නැවත බාර්සිලෝනා වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවත් කියැවෙයි.
එමෙන්ම, මෙම අනතුරින් තවත් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, මෙහි ගමන් කළ සිසුන් පිරිස යුරෝපයෙන් පැමිණි වයස අවුරුදු 22 සිට 29 අතරේ පසුවූවන් බවද විදෙස් වාර්තා පවසයි.
මෙම බස් රථය තවත් මෝටර් රථයක හැපීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද කියයි.