ස්පාඤ්ඤයේ ප්‍රථම ආරක්ෂක ආමාත්‍යවරිය ලෙස කටයුතු කළ කර්මේ චාකෝන් පසුගියදා හදිසියේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් වාර්තා පවසයි.
46 වැනි වියෙහි පසුවූ අමාත්‍යවරියගේ සිරුර මැඩ්රීඩ් නුවර පිහිටි සිය නිවෙස තුළ තිබියදී සොයාගෙන ඇත්තේ, ඇය පිළිබඳව අසල්වාසීන් කළ සෝදිසියකදීය.
ඇයගේ මරණයට හේතුව හදිසි හෘදයා බාධයක් විය හැකි බව විශ්වාස කෙරෙයි.
2008 වසරේදී ස්පාඤ්ඤයේ ප්‍රථම ආරක්ෂක අමාත්‍යවරිය ලෙස කටයුතු කළ ඇය, එරට තුළ සම්ප්රදාය වෙනස් කළ කාන්තා චරිකයක් බවටද පත්විය.
2007 වසරේදී එරට නිවාස අමාත්‍යවරිය ලෙසද අත්දැකීම් ලැබූ ඇය වයස අවුරුදු අටක කුඩා දරුවෙකුගේ මවකි.