ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් සිර දඬුවම් ලබමින් සිටින හිටපු ඊශ්‍රායල් ජනාධිපති මෝෂ් කැට්සාව් වෙත නිදහස ලැබෙන බව විදෙස් වාර්තා පවසයි.
වසර හතක සිර දඬුවමකට යටත්ව සිටි හිටපු ජනාධිපතිවරයා වසර පහකින් පසුව එලැඹෙන සතියේදී නිදහස ලැබීමට සූදානම් වන්නේ විශේෂ ප්රාවාචික කමිටුවක නිර්දේශයකට අනුවය.
මීට පෙර ඔහු වෙනුවෙන් මෙවැනි කොන්දේසි සහිත නිදහසක් ඉල්ලා සිටියද ඊට අවස්ථාව නොලැබුණි.
2007 වසරේදී කැට්සාව් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, ඔහුට එරෙහිව ස්ත්‍රී දූෂණය හා ලිංගික අඩම්තේට්ටම් යටතේ චෝදනා ගොනුකර තිබුණි.
කෙසේ වෙතත්, මේ සඳහා තමා නිර්දෝෂී බව ඔහු පුන පුනා පවසා තිබුණි. කෙසේ වෙතත්, 2011 වසරේ නොවැම්බර් මාසයේදී ඊශ්‍රායල් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු වැරදිකරු කරමින් සිරදඬුවම් නියම කළේය.
ඔහු කැබිනට් අමාත්‍යවරයෙකුව කටයුතු කළ 1990 කාලයේදී හිටපු සේවිකාවක දූෂණයට ලක්කිරීම හා තවත් කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අඩම්තේට්ටම් කිරීම ඔහුට එරෙහිව චෝදනා නැගුණු සිදුවීම් විය.