කිසියම් තරුණියක දූෂණයට ලක්වූයේ නම් ඒ ස්ත්‍රී දූෂකයාටම අදාළ තරුණිය විවාහ කර දිය යුතු මැලේසියාවේ ෂරියා විනිසුරුවරයෙකු පවසා තිබේ.
මැලේසියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන ෂබුදීන් යහායා නමැති මෙම තැනැත්තා අදාළ යෝජනාව එරට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින් විවාදයක් අතරතුර මෙසේ පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ස්ත්‍රී දූෂණයට අපරාධයක් වුවත්, එසේ දූෂණයට ලක්වූ තැනැත්තියට වඩාත් සාධාරණයක් ඉටුකිරීමට හා ඇයට සමාජයෙන් සිදුවන තාඩන පීඩනවලට විසඳුමක් ලෙස මෙය යෝජනා කරන බවද ඔහු පවසා ඇත.
එමෙන්ම, වයස අවුරුදු 12ක් වනවිට දැරියක කායිකව මෙන්ම මානසිකවද විවාහයකට සූදනම් බවද ඔහුගේ යෝජනාවේ අන්තර්ගතව පැවති බවද පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, අදාළ මන්ත්‍රීවරයාගේ යෝජනාවට එරට සිවිල් සංවිධාන දැඩිව විවේචනය කර ඇති අතර, මෙය ස්ත්‍රී දූෂකයන්ට ලයිසන් දීමක් වැනි යෝජනාවක් බවද පවසා තිබේ.