ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් නගරයේදී ලොරි ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 5 දෙනෙකුට මරු කැඳවූ ISIS හිතවාදී උස්බකිස්ථාන ජාතිකයා ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට නියම වී තිබේ.
40 හැවිරිදි රඛාමට් අකිලෝව් ලෙස හඳුනාගෙන ඇති මොහු මෙම ම්ලේච්ච ප්‍රහාරය එල්ල කිරීමට මත්තෙන් IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් වෙනුවෙන් අනුකම්පාසහගත ප්‍රකාශයක් සිදුකර ඇති බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් පසුව එය තම ත්‍රස්තවාදියෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් බවට IS ත්රස්තයන් ප්‍රකාශ නොකළ බැවින්, මෙය ඔහු තනිව මෙහෙයවූ ප්‍රහාරයක් බවට සැකය තහවුරු විය.
මෙම ලොරි ප්‍රහාරය දියත් කිරීමෙන් පසුව එම ස්ථානයෙන් පැනගිය ප්‍රහාරකයා, පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ස්වීඩනය තුළ සරණාගතභාවය බලාපොරොත්තුවෙන් එරටට පැමිණ තිබුණත්, සිය සරණාගත ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප වීම තුළ ඔහු මෙම ප්‍රහාරය දියත් කරන්නට ඇති බව පසුව අනාවරණය විය.
2014 වසරේ ස්වීඩනයට පැමිණ තිබූ මොහු එරට තුළ පදිංචිය බලාපොරාත්තුවෙන් සිටියද මෑතකදී සති හතරකට පෙර රටින් පිටව යන ලෙස ඔහුට ස්වීඩන බලධාරීන් දැනුම් දී තිබූ බවද කියැවෙයි.
කෙසේ වෙතත්, මේ දැනුම්දීමත් සමග මාස කිහිපයක් අතුරුදන්ව සිටි මොහු, ස්වීඩන් ආරක්ෂක අංශ වෙත අත්‍යවශ්‍ය පුද්ගලයන්ගේ ලැයිස්තුවට වැටෙන විට ඔහු මෙම ප්‍රහාරය දියත් කරමින් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් වෙනුවෙන් කිඹුල් කඳුළු වගුරුවන්නට විය.