ජීවිත හානි හතරක් සිදුකරමින්, ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර මාරාන්තික ට්‍රක් රථ ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව අත්අඩංගුවට ගත් පුද්ගලයා උස්බෙකිස්ථාන ජාතිකයෙකු ලෙස හදුනාගෙන තිබේ.
ස්වීඩන් බලධාරීන් පවසන්නේ 39 හැවිරිදි වියේ පසුවන ඔහු ප්‍රහාරයට යොදාගත් රථයේ රියදුරා බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇති බවයි. එමෙන්ම, මොහු ආරක්ෂක අංශවලට සම්බන්ධව සිටි පුද්ගලයෙකු බවද හඳුනාගෙන ඇත.
පැහරගන්නා ලද ට්‍රක් රථයක් යොදාගනිමින් මෙම තැනැත්තා ස්ටොක්හෝම් වෙළෙඳ සංකීර්ණයක් තුළට එම රථය පදවා තිබූ අතර, එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලැබීය.
කෙසේ වෙතත්, මෙම ට්‍රක් රථය තුළ පුපුරණ ද්‍රව්‍ය තිබූ බවට වාර්තා පළ වූ අතර, රියදුරු ආසනය අසල සැකකටයුතු යමක් පැවති බව පොලීසිය තහවුරු කර තිබේ.
මේ අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ඇති බවද සඳහන් වෙයි. නමුත්, ඔහු ප්‍රහාරය හා සෘජු සම්බන්ධයක් පැවතියේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ සැලසුමක්ද, නැත්නම් හුදකලා ජිහාඩ් අන්තවාදියෙකුගේ ප්‍රහාරයක්ද යන්න පිළිබඳවද පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.