ස්වීඩනයේ, ස්ටොක්හෝම් නගරයේ ට්‍රක් රථ ප්‍රහාරයක් එල්ල කළ උස්බකිස්ථාන ජාතිකයා වරද පිළිගැනීමත් සමග ත්‍රස්ත ක්‍රියාවක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
ස්වීඩනයේ අගනුවරදී මොහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී 39 හැවිරිදි රඛ්මාට් අකිලෝව් මෙසේ චෝදනාවට ලක්වූ බව ඔහුගේ නීතීඥයෝ පවසති.
පසුගිය සිකුරාදා එරට වෙළෙඳ සැලක් වෙත ට්‍රක් රථය ධාවනය කරමින් සිදුවූ ප්‍රහාරයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පිරිසක් තුවාල ලැබීය.
තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවද ස්වීඩන් රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ ත්‍රස්ත ක්‍රියාව ඔහු පිළිගැනීමත් සමග ඔහුට ඒ සම්බන්ධයෙන් දඬුවම් පැමිණවෙනු ඇති බවද නීතීඥයෝ වැඩිදුරටත් පවසති.