ලෝක ප්‍රකට ක්ෂණික අවන්හල් ජාලයක් වන ස්ටාර්බක්ස් සභාපති හොවාඩ් ෂොල්ට්ස් දශක හතරකින් පසුව සමාගමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඔහු පසුගිය වසරේදී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන්ද ඉවත් වූ අතර, එලැඹෙන ජුනි 26දා සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය තුළ ඔහුගේ පුටුවද අත්හරිමින් සභාපති ධුරයට සමුදෙනු ඇත.
ඔහුගේ මෙම සමුදීම ඉදිරියේදී දේශපාලනයට පිවිසීම සඳහා සිදුකරන ලද්දක් බවටද විශ්වාසයක් පවතී.
පසුගියදා නිව්යෝක් ටයිම්ස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදී ඇමෙරිකානු ජනපති ධුරයට තරග කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරන විට ඔහු එම ප්රශ්නය එකහෙළා ඉවත දැමුවේද නැත.
1982 දී ස්ටාර්බක්ස් හි මෙහෙයුම් අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩ ඇරඹූ ඔහු 1985 දක්වා එම ධුරයේ කටයුතු කර පසුව දිගටම එහි ප්‍රධාන විධායක ලෙස ස්ටාර්බක්ස් අවන්හල් ජාලය ලොව පුරා ජනප්‍රිය කරවීමේ මහඟු මෙහෙවරට උරදෙනු ලැබීය.
ඔහුගේ කාලය තුළ 11ක්ව පැවති ස්ටාර්බක්ස් අවන්හල් සංඛ්‍යාව මේ වනවිට ලොව පුරා 28,000ක් ඉක්මවා ඇති අතර, එහි කොටසක අගය 21,000%කින් ඉහළ නැඟ තිබේ.