2016 වසර තුළදී දිනකට සරණාගතයන් ඉලක්ක කරමින් සිදුවූ පහරදීම් 10ක්වත් වාර්තා වූ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 560 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඒ අතර කුඩා දරුවන් 43 දෙනෙකුද සිටින බව කියයි.
එහිදී, මෙම පහරදීම්වලින් හතරෙන් තුනක් පමණ සරණාගතයන් තම රැඳවුම් මධ්‍යස්ථානවලින් පිටත සිටියදී පහරකෑමට ලක්ව ඇති අතර, තවත් 1,000ක පමණ පිරිසක් තම රැඳවුම් මධ්‍යස්ථානවලදීම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී තිබේ.
මැදපෙරදිග ඇතුළු ගැටුම් පවතින කලාපයේ සිට පැමිණෙන සංක්‍රමණිකයන් සඳහා ඇන්ජෙලා මාර්කෙල් චාන්සලර්වරිය විසින් දොරගුළු විවර කිරීමත් සමග එරට බොහෝ පිරිසක් එම තීරණයට විරුද්ධ වූ අතර, සරණාගතයන්ට එරෙහිව වෛරය වැපිරීමක් සිදුවිණි.