ලිබියාවෙන් ඔබ්බෙහි සාගරයේ සරණාගතයන් රැගෙන යමින් සිටි යාත්රාවක පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයාගෙන තිබේ.
මෙම යාත්රාව සොයාගත් ඉතාලි ජීවිතාරක්ෂක අංශ පෙන්වාදෙන්නේ එහි සිටි තවත් 430කගේ පමණ ජීවිත බේරාගැනීමට හැකි වූ බවයි.
මෙම වසර තුළ යුරෝපයට ඇතුළු වීමට පැමිණි අනවසර සංක්රමණිකයන් දහස් ගණනක් මේ වනවිටත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම සරණාගත අර්බුදය මේ වනවිට යුරෝපය මුහුණ දෙන දැවැන්තම අර්බුදයක් බවට පත්ව තිබේ.