ළමයින්ව අපචාර ක්‍රියාවන්ට සම්බන්ධ කරගන්නා පුද්ගලයන් එකී අපචාර ක්‍රියා දැක්වෙන ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම නිසා මේ වනවිට අන්තර්ජාලය මගින් සිදුවන ළමා අපචාර වේගයෙන් පැතිර යන වසංගතයක් තත්ත්වයට පත්ව ඇති බව ජගත් කාර්ය සාධක මණ්ඩලයේ සභාපතිවරයා පවසා සිටී.
ජගත් කාර්ය සාධක මණ්ඩලයේ සභාපති ඉයන් කුවීන් පෙන්වා දී ඇත්තේ ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් විමර්ශණය කරන ළමා අපචාර සිද්ධිවල විශාල වැඩි වීමක් දක්නට ඇති බවය.
ඇමෙරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දියත්කර ඇති මෙම විමර්ශන සේවාවට ලොව පුරා ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති බව පැවසෙයි.
ඉයන් කුවීන් තවදුරටත් පෙන්වා දෙන්නේ අන්තර්ජාලය තුළ ප්‍රචාරය වන ළමා අපචාර දිස්වන ඡායාරූප ජාත්‍යන්තරය පුරා පැතිර යමින් පවතින බවත්, මෙම ප්‍රශ්නයෙන් පළා යාමට කිසිදු රටකට නොහැකි බවත්ය.