යුක්රේන අර්බුදය මුල්කර ගනිමින් යුරෝපා හවුල විසින් රුසියාවට එරෙහිව පනවනලද අතිරේක සම්බාධක හේතුවෙන් ආරක්ෂාවට අදාළ ජාත්‍යන්තර සහයෝගීතාව අනතුරට පත්වනු ඇති බව එරට බලධාරීහු අවධාරණය කරති.
අලුතින් ප්‍රකාශයට පත්කර ඇති සම්බාධක අනුව වත්කම් ගනුදෙනු අත්හිටවනු ලබන සහ සංචාරක තහංචි බල පැවැත්වෙන රුසියානු සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තුවක් යුරෝපා හවුල විසින් නිවේදනය කරනු ලැබීමෙන් අනතුරුව රුසියානු බලධාරීහු මෙසේ පැවසූහ.
රුසියාවේ ආරක්ෂක සහ බුද්ධි අංශයේ ප්‍රමුඛයන් දෙදෙනකු වන අලෙක්සැන්ඩර් බොත්නිකොෆ් සහ මිහායිල් ෆ්රද්කොෆ් ද එම තහංචි ලැයිස්තුවට ඇතුළත් කොට ඇති බව වාර්තා වෙයි.
නැගෙනහිර යුක්රේනය අස්ථාවර කිරීමට සෘජුවම හවුල් වූ රුසියානු ජාතිකයන් 87 දෙනෙකු සහ සංවිධාන 20කට ඉහත කී නිලධාරීන් දෙදෙනාත් ඇතුළත් කිරීමට යුරෝපා හවුල පියවර ගෙන ඇති බව කියැවෙයි.
මේ අතර ප්‍රකාශයක් කරන යුරෝපා කොමිසමේ සභාපති හොසේ මැනුවෙල් බරසෝ, යුක්රේනය සම්බන්ධයෙන් සාම සැලසුමකට කැප වීම හෝ එසේ නැත්නම් ලබන සතියේ ප්‍රකාශයට පත් කෙරෙන මූල්‍ය සම්බාධක මාලාවකට මුහුණදීම යන දෙකින් එකක් තෝරාගන්නා මෙන් රුසියාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.