බ්රසීලයේ, රියෝ ද ජැනීරෝ නුවර සම්බා සැණකෙළියක් අතරතුර නර්ථන රථයක වේදිකාවක් කඩා වැටීමෙන් නර්ථන ශිල්පීන් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
එරට සම්බා පාසල්වල නර්තනයන් රැගෙන වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්බා සැණකෙළියට විශාල පිරිසක් සහභාගී වෙති.
නර්තනයේ යෙදෙමින් ඔවුන් ගමන් ගන්නා අතරතුර එම නර්තන රථයේ ඉහළ වේදිකාවක් මෙසේ කඩා වැටී ඇති අතර, ඊට පහළින් සිටි පිරිස් ඊට යට වීමෙන් තුවාල ලබා ඇති බව කියැවෙයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ එම වේදිකා රථය මත පිරිසක් කෑ ගසන හඬ ඇසුණත්, සැණකෙළියේ මහා හඬ නිසා සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි නොවූ බවයි.
කෙසේ වෙතත්, මෙම අනතුරුට පෙර දිනයේදීද මේ ආකාරයේම අනතුරක් සිදුව තිබුණු අතර, එදින අසල වැටකට සිරවීමෙන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබුණි.
මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන්ම රියෝ පොලීසිය පරීක්ෂණ පවත්වයි.