දැඩි නියඟයකින් පෙළෙන සිම්බාබ්වේ වෙත බටහිරින් ආධාර ඉල්ලා සිටියදී, ඔවුන් සමලිංගික විවාහ නීතිගත කිරීමක් පිළිබඳ කොන්දේසි දැමීම නිසා එකී ණය ප්‍රතික්ෂේප කළ බව එරට ජනපති රොබට් මුගාබේ කියා සිටියි.
මා දන්නා පරිදි, ආධාර ලබාදීමේදී සමලිංගික විවාහ නීතිගත කිරීමේ කොන්දේසිවලට අප කැමති නම් ඒ ණය මුදල ඉතා පහසුවෙන් ලබාදෙනවා. නමුත්, එවැනි ණය මුදලක් අපට අවශ්‍ය වන්නේ නැහැ. අපට ඒක (සමලිංගික විවාහ) අවශ්‍ය වන්නේ නැහැ. මේක පිළුණු ණය මුදලක්, කුණු වූ ණය මුදලක්. අපට ඒ වගේ ණය මුදලකින් කරන්න දෙයක් නෑ යනුවෙන් ජනාධිපතිවරයා පැයක් පුරා සිදුකළ දීර්ඝ කතාවකින් පවසා තිබේ.
කෙසේ වෙතත්, මෑතකදී 92 වැනි වියට පා තැබූ ජනාධිපතිවරයා රටේ දරුණු නියඟයක් පවතින අවස්ථාවේ මහා ධනයක් වැය කර උපන්දින සාදයක් පැවැත්වූයේ යැයි බටහිර මාධ්‍ය ඔහුට චෝදනා කර තිබුණි.