සඳ වටා චාරිකාවක් යෑම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු විසින් තමන් වෙත ගෙවීම් සිදුකර ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ පෞද්ගලික අංශය සතු අභ්‍යවකාශ රොකට් සමාගම වන ස්පේක්ස් එක්ස් පවසයි.
ස්පේක්ස් එක්ස් ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක් පවසා සිටියේ මෙම සංචාරය 2018 අග භාගයේදී සැලසුම් කර ඇති බවයි. ඒ අනුව, මෙම සංචාරය සඳහා එම සංචාරකයන් විශාල මුදලක් මූලික තැන්පතුවක් ලෙස ගෙවා ඇති බවද ඔහු පවසයි.
වසර 45කට පසුව මනුෂ්‍යයන්ට අභ්‍යවකාශයේ දුර ගමනක් සඳහා මේ සංචාරයත් සමග අවස්ථාව උදාවෙනවා යැයි ඔහු පවසයි.
නම සඳහන් නොකළ මෙම සංචාරයට එක්වන පුද්ගලයන් දෙදෙනා විශේෂ අභ්‍යවකාශ යානයකින් ගමන් ගන්නා අතර, තවමත් නම් නොකළ මෙම යානයේ පරීක්ෂණ ගමන් මාරය මෙම වසර අගභාගයේදී සිදුවනු ඇති බවද ඔහු පවසයි.
ඇමෙරිකානු නාසා ආයතනය මේ සඳහා දක්වන සහයෝගය අදාළ මෙහෙයුම යථාර්ථයක් බවට පත්කර ගැනීමට හේතුවනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙම සංචාරය එක්වන පුද්ගලයන් අප සෞරග්‍රහ මණ්ඩලයේ මිනිසුන් මෙතෙක් ගමන් නොකළ දුරක් හා වේගයකින් ගමන් කරනු ඇති බවදත්, එය හොලිවුඩයේද සිදුනොවූවක් බවත් මස්ක් වැඩිදුරටත් අවධාරණය කරයි.