ටැන්සානියාවේ අලි ඇතුන් දඩයම්කරුවන්ගේ කුරිරු වෙඩි පහරකට ලක්ව බ්‍රිතාන්‍ය ජාතික හෙලිකොප්ටර් නියමුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ටැන්සානියාවේ වනසත්ව ආරක්ෂණ අධිකාරිය සමග එක්ව කටයුතු කළ රොජර් ගවර් නමැති මොහු අලි ඇතුන් දඩයම්කරුවන් පිරිසක් සොයා සිය හෙලිකොප්ටරයෙන් ගමන් කරද්දී, එම ක්‍රෑර මිනිසුන්ගේ වෙඩි පහරට ලක්ව තිබුණි.
කෙසේ වෙතත්, මාරාන්තික තුවාල ලබා තිබියදීත් සිය යානය වනෝද්‍යානය වෙත විශාල හානියකින් තොරව ගොඩබස්වා ගැනීමට ඔහු සමත්ව තිබුණත්, ඒ වනවිට එම ස්ථානය වෙත පැමිණීම දුෂ්කර වීම නිසා මාරාන්තික තුවාල සමග ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අලි ඇතුන් දඩයම්කරුවන් ලුහුබඳින වනජීවී නිලධාරීන් වෙත ඔවුන් ගැවසෙන ස්ථාන පිළිබඳ ගුවනේ සිට තොරුතුරු ලබාදෙන මොහු, ඒ.කේ.47 අවියකින් සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.