බෙලරූස් රාජ්‍යයේ මින්ස්ක් හි නව සටන් විරාමයකට එළැඹ දිනක් ගතවීමටත් පෙර නැගෙනහිර යුක්රේනයේ ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තා වෙයි.
ඩිබෝල්ට්සේව් අල්ලා ගැනීම වෙනුවෙන් මෙම ගැටුම් හටගෙන ඇති අතර, කැරලිකරුවන්ගේ පාලනය ආශ්‍රිතව ක්‍රමෝපායිකව වඩාත් වැදගත් ප්‍රදේශයක් ලෙස මෙය සැලකෙයි.
එහිදී, සටන් විරාම නිරීක්ෂකයන් පේනවා දෙන්නේ සටන් විරාමයට එළැඹීමෙන් පසුව වුවද සජීවී වෙඩි තැබීම් හා ප්‍රහාර දියත් වෙමින් පවතින බවයි.
මේ තත්ත්වය තුළ යුරෝපා නායකයන් රුසියාවට චෝදනා කරන අතර, මින්ස්ක් ගිවිසුම උල්ලංඝනය කරන්නේ නම් තවදුරටත් සම්බාධක යොදවන බව ඔවුන් කියයි.