සිරියාවේ, කැරලිකරුවන්ගේ පාලනයේ පවතින ඇලෙප්පෝ නගරය දෙවැනි දිනටයත් දැඩි ගුවන් ප්‍රහාර මාලාවකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
නගරය යළි අත්පත් කරගැනීම සඳහා පහරදීම් සිදුකරන බවට සිරියානු රජය විසින් නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම ගුවන් ප්‍රහාර ඇරඹී ඇති බව බටහිර මාධ්‍ය පවසයි.
මේ අතර, ස්වාධීන මාධ්‍ය පෙන්වා දෙන්නේ සිරියානු හමුදා ප්‍රධාන වශයෙන් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදීන් ඉල්කක කර මෙම ප්‍රහාර දියත් කරන බවයි.
එමෙන්ම, විරුද්ධවාදී සටන්කරුවන් සිටින ප්‍රදේශවලින් ඉවත්වී සිටින ලෙස රජය සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා ඇති බවත්, ඔවුනට පලා යාම සඳහා ඇතැම් ස්ථාන විවෘත කර ඇති බවත් පවසා තිබේ.
සිරියාවේ ක්‍රියාත්මක වූ සටන් විරාමයෙන් පසුව සිදුවන දැවැන්ත ප්‍රහාර මාලාවක් ලෙසද මෙය හැඳින්වුණි.